"නිවහන"

පුරවර පින් බි‍මේ සබද නුඹ නිදහස්

නිම් හිම් සෙවුවා මා සසරේ
හමුවී යුගයෙන් බැදි ය්ගයේ
ලංවී වෙන්වී වරෙන් ‍වරේ
ඔබ හා මා රන් හුයකිනි බැදුනේ

දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ලයගින් සනහා අපමයි තැවුනේ
ජන්මෙන් ජන්මේ රැව් දීලා
ඔබමා නෙත‍ගේ රැදුනා

ඉර හද සේ මා පැතුමක් පැතුවා
සැනසුම් සයුරේ සුසුමක් හෙලුවා
අතරින් පතරේ වියැකීලා
සටනින් අද මා දිනුවා....

නිම් හිම්.....

ගායනය:- ආචාර්ය පණ්ඩිත් අමරදේව

        අමරදේවයන් ගයන මෙම ප්‍රේම ගීතය වයස් ‍භේදයකින් තොරව අප කා අතරත් එකසේ ජනප්‍රියව පවතී. ‍බොහෝ කාලයකට ඉහත ගායනා කරන ලද මෙම ගීතය අදටත් එහි ජනප්‍රිය බව රැකී ඇත්තේ මෙහි ඇති අර්ත රසය හා ගීත රසය නිසයි. මෙ‍ම පද මාලාව හදවතට ඉතා සමීප වන ලෙස මෙහි රචකයා ගොතා ඇති අපූරැව කියා නිමකල නොහැක. එලෙසම එය‍ට යොදා ඇති තනුවද ඉතා අලංකාරය. ගීත අති විශාල සංණඛ්‍යාවකට හිමිකම් කියන මෙ‍ම අසහාය ප්‍රතිභා පූර්ණ ගායකයා‍ගේ අතිවිශාල ගීත නාමාවලිය අතුරින් මම තෝරා ගත් මෙම ප්‍රේම ගීතය ඔහු ගායනා කර ඇති අලංකාරය කියා නිමකල නොහැක.
            තම පෙම්වතිය අයිති කර ගැනීම සදහා කරන ලද සටන හා අවසානයේදී ඔහු එම ස‍ටනින් ජය ගන්නා ආකාරයද මොනවට අගවා ඇත. සජීවී අත්දැකීමක් වේවා හෝ නොවේවා, සැබෑ පෙම්වතුන්ගේ හදවත් ඉතා සියුම්ව ස්පර්ශ කිරීමට රචකයා කර ඇති උත්සාහයට, අමරදේවයන් ඔහුගේ උපරිම සහය ලබා දී ඇත.

0 comments:

Post a Comment